National Air Fryer

 National Air Fryer



ORDER NOW


කෑම වර්ග සාදන ආකාරය


01. තෙල් නොමැතිව බටු මෝජු සෑදීම


අවශ්‍ය ද්‍රව්‍ය - සිහින්ව කපා ගන්නා ලද බටු ග්‍රෑම් 500, තක්කාලි අවශ්‍ය පමණ, සුදු ලුණු, පොල්කිරි ස්වල්පයක්, අමුමිරිස් අවශ්‍ය ප්‍රමාණයට, ලුණු කුඩු ස්වල්පයක්, විනාකිරි, සෝයා සෝස්, ලූණු, සීනි ස්වල්පයක්

සාදන ක්‍රමය -  සිහින්ව කපා ගත් බටු  ස්මර්ට් කුකරයේ තැටිය මත තබා සෙල්සියස් අංශක 225-250 අතර විනාඩි 10 පමණ කාලයක් තබන්න. (තම අවශ්‍යතාව අනුව කාලය වෙනස් කරගත හැකිය.)


02. තෙල් නොමැතිව කරවිල සම්බෝල සෑදීම


අවශ්‍ය ද්‍රව්‍ය - කරවිල, බී ලුණු අවශ්‍ය ප්‍රමාණයට, අමු මිරිස්, දෙහි, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු.

සාදන ක්‍රමය -  කරවිල සිහින්ව කපා ලබාදී ඇති ස්මාර්ට් කුකරයේ තැටිය මත තබා සෙල්සියස් අංශක 225-250 අතර විනාඩි 15 පමණ දමන්න. (අවශ්‍ය නම් නිවසේ සාදා ගන්නා ප්‍රමාණය අනුව කාලය වෙනස් කරගන්න.)


03. තෙල් නොමැතිව පපඩම් බැදීම


අවශ්‍ය ද්‍රව්‍ය - පපඩම් පැකට් එකක්.

සාදන ක්‍රමය -  පපඩම් ටික ගෙන ලබාදී ඇති ස්මාට් කුකරය මත තබා සෙල්සියස් අංශක 225-250 අතර විනාඩි 4ත් 5ත් අතර කාලයක් තබන්න. (අවශ්‍ය නම් නිවසේ සාදා ගන්නා ප්‍රමාණය අනුව කාලය වෙනස් කරගන්න.)


04. බටර් කේක් සෑදීම


අවශ්‍ය ද්‍රව්‍ය - බටර් ග්‍රෑම් 250, සීනි ග්‍රෑම් 250, බිත්තර 4, පිටි ග්‍රෑම් 250, බේකින් පවුඩර් තේ හැඳි 2.

සාදන ක්‍රමය -  බටර් සහ සීනි හොඳින් බීට් කරන්න. එයටම බිත්තර එක බැගින් දමමින් නැවත බිට්  කරන්න. පාන් පිටි සමඟ බේකින් පව්ඩර් මිශ්‍ර කර තෙවරක් හලාගන්න. ඉහත බීට් කර ගත් මිශ්‍රණයට පාන් පිටි ස්වල්පයක් බැගින් දමමින් සෙමින් කලවම් කරන්න. අනතුරුව එම මිශ්‍රණය තැටියකට දමා ලබාදී ඇති ස්මාට් කුකරයේ නෙට් එක මත කේක් තැටිය තබා සෙල්සියස් අංශක 200 දමා විනාඩි 25ක් පමණ කාලයක් ලබා දෙන්න. (අවශ්‍ය නම් නිවසේ සාදා ගන්නා ප්‍රමාණය අනුව කාලය වෙනස් කරගන්න.)


05. තෙල් නොමැතිව සොසේජස් ග්‍රිල් කිරීම


අවශ්‍ය ද්‍රව්‍ය - සොසේජස් පැකට් 01.

සාදන ක්‍රමය -  සොසේජස් ටික ලබාදී ඇති ස්මාට් කුකරයේ නෙට් එක මත තබා සෙල්සියස් අංශක 225-250 අතර විනාඩි 05 පමණ කාලයක් ලබා දෙන්න. (අවශ්‍ය නම් නිවසේ සාදා ගන්නා ප්‍රමාණය අනුව කාලය වෙනස් කරගන්න.)
 


06. තෙල් නොමැතිව පොටැටෝ චිප්ස් සෑදීම


අවශ්‍ය ද්‍රව්‍ය - කපාගත් අල පෙති, මිරිස් කුඩු අවශ්‍ය ප්‍රමාණයට, ලුණු කුඩු අවශ්‍ය ප්‍රමාණයට.

සාදන ක්‍රමය -  කපාගත් අල පෙති ලුණු කුඩු සහ මිරිස් කුඩු සමග හොඳින් මිශ්‍ර කර ලබාදී ඇති smart කුකරයේ තැටිය මත තබා සෙල්සියස් අංශක 225-250 අතර විනාඩි දහයක් පමණ කාලයක් තබන්න (අවශ්‍ය නම් නිවසේ සාදා ගන්නා ප්‍රමාණය අනුව කාලය වෙනස් කරගන්න.)



07. වටලප්පන් සෑදීම


අවශ්‍ය ද්‍රව්‍ය - සිහින්ව කපාගත් හකුරු ග්‍රෑම් 200, බිත්තර 05ක්, පොල් කිරි අඩු කෝප්ප 01ක්, වැනිලා තේ හැඳි එකක්, කජු ස්වල්පයක්, වියළි මිදි අවශ්‍ය ප්‍රමාණයට.

සාදන ක්‍රමය -  බිත්තර හොදින් බීට් කර එයට පොල්කිරි හා සිහින් ව ලියා ගත් හකුරු දමා කලවම් කර එයට වැනිලා, රටකජු, වියළි මිදි දමා මිශ්‍රණය සාදා ගන්න. සාදාගත් මිශ්‍රණය භාජනයකට දමා ලබාදී ඇති ස්මාට් කුකරයේ නෙට් එක මත වටලප්පන් භාජනය තබා සෙල්සියස් අංශක 225-250 අතර විනාඩි 25 ක කාලයක් තබන්න. (අවශ්‍ය නම් නිවසේ සාදා ගන්නා ප්‍රමාණය අනුව කාලය වෙනස් කරගන්න.)



08. තෙල් නොමැතිව බිම්මල් ඩෙවල් සෑදීම


අවශ්‍ය ද්‍රව්‍ය - බිම්මල් පැකට් 01ක්, ලූණු අවශ්‍ය පමණ, අමු මිරිස්, තක්කාලි, දෙහි, ලුණු කුඩු, ගම්මිරිස්, සෝස් අවශ්‍ය ප්‍රමාණයට.

සාදන ක්‍රමය -  බිම්මල් ඉරි වලට කපාගන්න. ගෙන ලබාදී ඇති ස්මර්ට් කුකරයේ තැටිය මත තබා සෙල්සියස් අංශක 225-250 අතර විනාඩි 8ත් 10ත් අතර කාලයක් ලබාදී බිම්මල් බැඳුණු පසු ඉවතට ගෙන සිහින්ව කපාගත් තක්කාලි, අමු මිරිස්, ළූණු හොඳින් මිශ්‍ර කර එයට ලුණු, ගම්මිරිස් කුඩු ස්වල්පයක් බැගින් එකතු කර බිම්මල් ඩෙවල් එක සාදා ගන්න. (අවශ්‍ය නම් නිවසේ සාදා ගන්නා ප්‍රමාණය අනුව කාලය වෙනස් කරගන්න.)



09. පාන් ටෝස්ට් කිරීම


අවශ්‍ය ද්‍රව්‍ය - කපාගත් පාන් පෙති, සැමන් අවශ්‍ය ප්‍රමාණයට, බීළූණු, අමුමිරිස්, ලුණු කුඩු, ඇස්ට්‍රා.

සාදන ක්‍රමය - ඉහත සඳහන් ද්‍රව්‍ය සියල්ල හොඳින් මිශ්‍රකර ඇස්ට්‍රා තවරාගත් පාන් පෙති මත මිශ්‍රණය තවරා ගන්න. අනතුරුව ලබා දී ඇති ස්මාට් කුකරයේ තැටිය මත තබා සෙල්සියස් අංශක 225-250 අතර විනාඩි 5ත් 8ත් අතර කාලයක් ලබා දෙන්න. (අවශ්‍ය නම් නිවසේ සාදා ගන්නා ප්‍රමාණය අනුව කාලය වෙනස් කරගන්න.)



10. තෙල් නොමැතිව රටකජු බැදීම


අවශ්‍ය ද්‍රව්‍ය - රටකජු අවශ්‍ය ප්‍රමාණයට

සාදන ක්‍රමය - රටකජු ටික ගෙන ලබාදී ඇති ස්මර්ට් කුකරයේ තැටිය මත සෙල්සියස් අංශක 225-250 අතර විනාඩි 10 ක පමණ කාලයක් තබන්න. (අවශ්‍ය නම් නිවසේ සාදා ගන්නා ප්‍රමාණය අනුව කාලය වෙනස් කරගන්න.)



11. තෙල් නොමැතිව බාබකිව් සහ බේක්  කිරීම


අවශ්‍ය ද්‍රව්‍ය - චිකන් ග්‍රෑම් 500, මිරිස් කුඩු අවශ්‍ය ප්‍රමාණයට, ලුණු කුඩු අවශ්‍ය ප්‍රමාණයට, ගම්මිරිස් කුඩු අවශ්‍ය ප්‍රමාණයට.

සාදන ක්‍රමය - චිකන් මත අවශ්‍ය ද්‍රව්‍ය සියල්ල හොඳින් තවරා ගෙන ලබාදී ඇති ස්මාට් කුකරයේ නෙට් එක මත තබා සෙල්සියස් අංශක 225-250 අතර විනාඩි 25ක පමණ කාලයක් ලබා දෙන්න. (අවශ්‍ය නම් නිවසේ සාදා ගන්නා ප්‍රමාණය අනුව කාලය වෙනස් කරගන්න.)



12. Dough එක (රොටිය වගේ)


අවශ්‍ය ද්‍රව්‍ය - පිටි ග්‍රෑම් 500 යි, ලුණු ග්‍රෑම් 10 යි, යීස්ට් ග්‍රෑම් 10, බටර් ඔයිල් බ්ලෙන්ඩර් කර ගත් ග්‍රෑම්  50 යි, (වඩා රසවත්) වතුර ග්‍රෑම්  300.

පිරවුමට අවශ්‍ය ද්‍රව්‍ය - තක්කාලි ග්‍රෑම් 250ක් (කුඩා තක්කාලි තම්බා චොප් කර ගන්න.),  ලූණු 5, සුදුලූනු 5, එළවළු තෙල්, ලිව් තෙල් ග්‍රෑම් 15, ටොමැටෝ පේස්ට් තේ හැඳි 03, ලුණු ග්‍රෑම් 5ක්, ගම්මිරිස් තේ හැඳි එකක්, මොසරැල්ලා චීස් ග්‍රෑම් 200.

සාදන ක්‍රමය - පළමුව Dough සෑදීම සඳහා එම සියලු ද්‍රව්‍ය එකට එක්කර අනාගන්න. වඩා තද ගතියෙන් තොරව සාමාන්‍යයෙන් මෘදු පදමට අතේ නොඇලෙන පදමට සකසා ගන්න. මෙය හොඳින් දිගහැර ගනිමින් රවුම් හැඩයට කපාගන්න. මෙලෙස කපා ගත් Dough එක විනාඩි 15ක් පමණ පිපෙන්න තබන්න.

pizza සඳහා අවශ්‍ය පිරුම් හෙවත් (TomatoConconcasse) තක්කාලි කොන්තයේ පිළියෙල කරගන්නා ආකාරය - තෙල් ටිකක් සහිත භාජනයක් ලිප තබා එයට සුදු ළූණු, ලූනු, හා කපාගත් තක්කාලි ද දමා එය තෙම්පරාදු කරන්න එයට tomato past එක මුසුකර රස ගැන්විය හැකිය .තවද ලුණු සහ ගම්මිරිස් ද අවසානයේ මුසු කරන්න.

මෙලෙස සාදාගත් මිශ්‍රණය කලින් සකසා ගත් Dough එක මතට යොදාගෙන විනාඩි විස්සක් පමණ සෙල්සියස් අංශක 20 උෂ්ණත්වයේ බේක් කර ගන්න. වඩා රසවත් කර ගැනීමට නම් මොසරැල්ලා චීස් ද මෙයට එකතු කරගත හැකිය.  මිශ්‍රණයට පමණක් නොව Dough එකටත් චීස් මුහු කර ගැනීමෙන් ප්‍රණීත රසයක් ද මතුවේ. ඔබේ කැමැත්ත අනුව ඉස්සන්, මස් කැබලි රස කරමින්  උඩින් ඉස ගත හැකිය.



13. Pizza සෑදීම.

බන් එක සෑදීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය - අයිස් වතුර කෝප්ප 3/4, ඊස්ට් තේ හැඳි 3/4, පිටි 500g ලුණු තේ හැඳි එකක්, සීනි තේ හැඳි එකක්, ඔලිව් ඔයිල් මේස හැදි තුනක්, කිරි පිටි හැඳි 01 (අවශ්‍ය නම් පමණක්)

බන් එක සාදන ක්‍රමය - ඉහත ද්‍රව්‍ය හොඳින් මිශ්‍ර කරගන්න. එය වතුරේ දිය කර එමගින් මිශ්‍රණය ගුලියක් වන සේ අනා ගන්න. පොලිතින් කවරයකින් වසා පිපෙන්න හරින්න. (පැයක් පමණ)

පිරවුම සදහා අවශ්‍ය ද්‍රව්‍ය - බේක් කරගත් මස් හෝ සොසේජස් අවශ්‍ය තරමට, බෙල්පෙපර් හෝ මාළු මිරිස් අවශ්‍ය තරමට, කොටුවට කපාගත් බීලූනු අවශ්‍ය තරමට, බිම්මල් අවශ්‍ය තරමට, ඔලිවු ගෙඩි කිහිපයක්, (අවශ්‍ය නම් පමණක් මොසරැල්ලා චීස් ග්‍රෑම් 125)

Comments

Post a Comment