National Multi Cooker

 National Multi Cooker


පුරා වසර 39 ගුණාත්මක ගෘහ විදුලි උපකරණ බෙදා හැරීමේ ප්‍රමුඛයා වන අප වර්තමානයේ පවතින බලශක්ති ඉතිරිය, සංකීර්ණ ආර්ථික තත්ත්වය, කාල පිරිමැස්ම යන කාර්යයන් සැලකිල්ලට ගෙන

වර්තමාන කාර්යබහුල ගෘහණියට නවීනතම මාදිලියේ පීඩන උදුන අප පර්යේෂණයන්ගේ ප්‍රතිඵලයක් ලෙස


01. බලශක්ති ඉතිරිය

ඔබ හට වර්තමානයේ පවතින විදුලි උපකරණ සමග සසඳා බැලීමේදී වෙනත් විදුලි උපකරණ ක්‍රියාකාරීත්ව කාලය තුළදී සම්පූර්ණ වශයෙන් විදුලිය වැය වුවත් අප විසින් හඳුන්වා දෙන පීඩන උදුනේ මූලික ක්‍රියාකාරිත්වය සඳහා පමණක් (රත් වීම සඳහා) බල ශක්තිය වැය වන අතර එහි පවතින විශේෂ පීඩනයෙන් විදුලිය භාවිතයක් නොමැති ව ආහාර පිස ගත හැකි වීම.


02. කාල කළමනාකරණය

  • ඔබට අවශ්‍ය වෙලාවට කුකරයේ කාලය සඳහන් කර තැබීමෙන් පසු නියමිත පරිදි අදාළ වේලාවට උපකරණය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වේ
  • කුකරයට බහාලන අමුද්‍රව්‍ය ප්‍රමාණය අනුව ඒ සඳහා යන කාලය වෙනස් කරගත හැකිය
  • එකම අවස්ථාවේදී එකම බලශක්තියෙන් ආහාර වර්ග කිහිපයක් පිසගත ගත හැක
උදාහරණ:-
ඔබට උදෑසන 5.00ට ආහාර පිළියෙළ කර ගැනීමට අවශ්‍ය නම්, ඔබ අමුද්‍රව්‍ය උඳුනට දමන මොහොතේ සිට උදෑසන 5.00ට ඇති පැය ගණන සඳහන් කර තැබීමෙන් උදුන ස්වයංක්‍රීයව පෙ.ව. 5.00ට ක්‍රියාත්මක වේ. ඔබ රාත්‍රී 8.00 ට සහල් උඳුනට දැමුවේ නම් 8.00 සිට උදෑසන 5.00ට ඇති පැය ගණන සඳහන් කර තබන්න.


03. සංකීර්ණ ආර්ථික තත්වය

මෙමගින් අප අදහස් කරන්නේ ආදායම ඉක්මවා ගිය වියදම් රටාවක් සහිත පාරිභෝගිකයින් හට එදිනෙදා මුළුතැන්ගෙයි අවශ්‍යතා ඉටු කර ගැනීමට භාවිතා කරන රයිස් කුකර් එක, ප්‍රෙෂර් කුකර් එක, අවන් එක, ෆ්‍රයි පෑන් එක ආදී උපකරණ සඳහා විශාල වශයෙන් වැය කිරීමට සිදු වන මුදල ඉතිරි වෙනවා සේම මුළුතැන්ගෙයි එම ඉඩ සඳහා වෙන්වී ඇති ඉඩකඩ ඉතිරි කරගත හැකි වීමෙන් ඉතා අලංකාර මුළුතැන්ගෙයක් මෙන් ම වඩා සරල පහසු ස්ථානයක් කරගත හැකි වීමයි.

තවද ඔබට මේ සඳහා ගෙවන මුදල ඔබගේ ආර්ථිකයට ඉතා යහපත් වන පරිදි අවුරුද්දකට වඩා අඩු කාලයක් තුළ විදුලිය සඳහා ගෙවීමට සිදුවනු මුදල් අඩුවීම හේතුවෙන් ඔබට ඉතිරියක් වනු ඇත.

ඔබ මාසයක් තුල විදුලි ඒකක 120 භාවිතා කරන පාරිභෝගිකයෙක් යැයි සිතමු. ඒ සඳහා ඔබට රුපියල් 2639 ගෙවීමට සිදුවෙයි. නමුත් මෙය නිවැරදිව භාවිතා කිරීමෙන් ඒකක 25 ක් ඉතිරි වනු ඇත.


භාවිතා කරන ආකාරය

01. බත් පිසීම

ඇතුළත තිබෙන භාජනයට සෝදාගත් සහල් සහ ජලය එක සමාන ලෙස ලුණු සමඟ දමන්න. උෂ්ණත්වය නිදහස් කරන්න සියල්ල වසා තිබෙන ස්ථානයක තබන්න. රයිස් බොත්තම ඔබා සහල් දැමූ ප්‍රමාණය අනුව අවශ්‍ය කාලය තෝරන්න. වර්ම් කැන්සල් බොත්තම දැල්වූ පසු උෂ්ණත්වය නිදහස් කරන්න. පියල්ල විවෘත විය යුතු ස්ථානයට තබන්න උෂ්ණත්වය නිදහස් වූ පසු පියන ඉවත් කර භාජන ඉවතට ගන්න.


02. බටර් කේක් සැදීම



අවශ්‍ය ද්‍රව්‍ය- බටර් 125g, සීනි 125g, බිත්තර 02, පිටි 125g, බේකින් පවුඩර් තේ හැඳි 1/2, වැනිලා තේ හැඳි 1යි.

සාදන ක්‍රමය- බටර් සහ සීනි හොඳින් බීට් කරන්න. එයටම බිත්තර එක බැගින් දමමින් නැවතත් බීට් කරන්න. පාන් පිටි සමග බේකින් පව්ඩර් මිශ්‍ර කර තෙවරක් හලාගන්න. ඉහත බීට් කර ගත් මිශ්‍රණයට පාන් පිටි ස්වල්පයක් බැගින් දමමින් සෙමින් කලවම් කරන්න. ඇතුළත තිබෙන භාජනයට ඉහත මිශ්‍රණය දමා උෂ්ණත්වයට නිදහස් පියල්ල වසා තිබෙන ස්ථානයට තබන්න. කේක් බොත්තම ඔබා ප්‍රමාණය අනුව අවශ්‍ය කාලය තබන්න. වර්ම් කැන්සල් බොත්තම දැල්වූ පසු උෂ්ණත්වය නිදහස් කරන පියල්ල විවෘත විය යුතු ස්ථානයට තබන්න. උෂ්ණත්වය නිදහස් වූ පසු පියන ඉවත් කර භාජනීය ඉවතට ගන්න.


03. පොලොස් ව්‍යාංජනය සෑදීම


අවශ්‍ය ද්‍රව්‍ය- පොලොස් ගෙඩි 01, පොල් ගෙඩිය 01ක කිරි,  මිරිස් කුඩු තේ හැඳි 5ක්, බැදපු තුනපහ කුඩු තේ හැඳි හතරක්, උළුහාල්, කුරුඳු පොතු, එනසාල්, කරාබු නැටි අවශ්‍ය පමණ ගොරකා බික් 02ක් රතු ලූනු 10g, ඉඟුරු සුදුලූනු 10g, අමු මිරිස් කරල් 5ක්, රම්පෙ, කරපිංචා, ලුණු කුඩු තේ හැඳි 02ක්, කහ කුඩු 1/4ක්.

සාදන ක්‍රමය- ලොස් කැබලි කර ඉහත ද්‍රව්‍ය සියල්ල එක්කර ඇතුළත තිබෙන භාජනයට දමන්න උෂ්ණත්වය නිදහස් කරන පියල්ල වසා  තිබෙන ස්ථානයට තබන්න. cooking සෙටින් බොත්තම ඔබා, දැමූ ප්‍රමාණය අනුව අවශ්‍ය කාලය තෝරාගන්න. වර්ම් බොත්තම දැල්වූ පසු උෂ්ණත්වය නිදහස් කරන පියල්ල විවෘත විය යුතු ස්ථානයට තබන්න උෂ්ණත්වය නිදහස් වූ පසු පියන ඉවත් කර භාජණය ඉවතට ගන්න.


04. ඉදිආප්ප සෑදීම


අවශ්‍ය ද්‍රව්‍ය- හාල්පිටි බැඳපු 500g, සෙල්සියස් අංශක 100ට උතුරුවා ගත් වතුර කෝප්ප 02ක්, අවශ්‍ය ප්‍රමාණයට ලුණු.

සාදන ක්‍රමය- හාල් පිටි භාජනයකට දමා උණු වතුර ටිකෙන් ටික දමමින් පදමට අනාගන්න. පසුව ඉදිආප්පවංගෙඩියට දමා තට්ටුවලට මිරිකා ගන්න. සුව ඇතුළත තිබෙන භාජනයට ඉහත තට්ටුව දමා උෂ්ණත්වය නිදහස් කරන පියල්ල වසා තිබෙන ස්ථානයට තබන්න. ඉදිආප්ප බොත්තම ඔබා ප්‍රමාණය අනුව කාලය තෝරාගන්න. වර්ම් බොත්තම දැල්වූ පසු උෂ්ණත්වය නිදහස් කරන පියල්ල විවෘත විය යුතු ස්ථානයට තබන්න උෂ්ණත්වය නිදහස් වූ පසු පියන ඉවත් කර භාජණය ඉවතට ගන්න.


05. යෝගට් සෑදීම


අවශ්‍ය ද්‍රව්‍ය- පිටි අඩු කෝප්ප 03ක්, සීනි මේසහැදි 05ක්, ජෙලටින් කපාගත්තේ හැඳි 03ක්, වෙළඳසැලෙන් ලබාගත් යෝගට් 01ක්, එසන්ස් තේ හැඳි 1/4ක්, ලා කහ පාට කලරින් බින්දු කිහිපයක්.

සාදන ක්‍රමය- කිරි සහ සීනි භාජනයට දමා මිශ්‍ර කර එයට ජෙලටින් සහ යෝගට් දමා හොඳින් මිශ්‍ර කරගන්න. ඉන්පසු එසන්ස් සහ colouring බින්දු කිහිපයක් එකතු කර එම මිශ්‍රණය කුකරයේ ඇතුළත භාජනයට දමන්න. උෂ්ණත්වය නිදහස් කරන පියල්ල වසා තිබෙන ස්ථානයට තබා යෝගට් බොත්තම ඔබන්න. කාලය අවසන් වූ පසු පියන ඉවත් කර භාජනය වෙතට ගන්න. යෝගට් ඇසුරුමක දමා ශීතකරණයේ තබන්න.

Comments

  1. මම ගෙදරට පැම්නි වෙලෙන්දෙක් ගෙන් මෙම කුකර් එක මිලදී ගත්තා. එය දවසයි වැඩ කලේ මට එය මාරැ කර ගන්න පුලුවන්ද

    ReplyDelete
  2. ,කරුනාකරලා මට මෙය බාවිතා කරන ආකාරය විඩියො එකක් දෙන්න මම අද එකක් ගත්තා එත් බාවිතා කරන්න දන්නෙ නෑ
    0778583223 වට්සඇප්

    ReplyDelete

Post a Comment